නිවැරදිව පාඩම් කරමු ....
සහන් : ඇයි ඒ
නිමාලි : මම කොච්චර පොත දිග ඇරන් බලන් පාඩම් කරනවද... ඒත් මතක හිටින්නේ නෑනේ
සහන් : පාඩම් කරන එක ආසාවෙන් කරන්න පුළුවන් දෙයක්
නිමාලි : ඒ කොහොමද
සහන් : ඒකට නියම ක්‍රමයක් තියෙනවා
නිමාලි : හරි මට ඒක කියල දෙන්න
සහන් : අපි බලමු හරියටම පාඩම් කරන්නෙ කෝමද කියලා...
මොකද්ද මේ සහන් කියල දෙන්න යන ක්‍රමය... ඇයි නිමාලිට පාඩම් කරල එපා වුණේ ?
මේ ගැන තමයි අද කියන්න යන්නෙ. විද්‍යාව පාඩම් වලට යන්න කලින් මේ ගැන කියන්නෙ ඔයාලට එතකොට ඕනම විෂයක් හොදට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් නිසා...
හොදයි... නිමාලි මොකද කළේ....පොත දිහා බලන් ඉදල... මොකද වෙන්නෙ ටිකකින්...😄 එහෙම්ම පොත උඩ නින්ද යනවා එහෙම නේද...
ඔව් මේක ඔබත් මාත් අත් දැකල තියෙන දෙයක් ...
මේක නැති කරගන්නෙ කොහොමද
(01)පාඩම් කරන තැන පිළිවෙළට හදාගමු
මේක ගැන ගොඩක් අයට අවබෝධයක් නෑ ඒවගේම ගණන් ගන්නෙ නෑ.පාඩම් කරන තැන කියන්නෙ මෙහෙමයි. ඒකට ලොකූ ඉඩක් අවශ්‍ය නෑ.
හොද එළියක් තියෙන , වාතාශ්‍රයක් තියෙන තැනක ඔයාගෙ මේසය පුටුව තියන්න.
ජනේලයක් ලග නම් වඩාත් හොදයි.
ඇයි ?
පාඩම් කරද්දි වෙහෙසෙන්නෙ අපෙ ඇස් , ඒවගේම මොළය. එකදිගටම කළුවරේ පාඩම් කළොත් ඇස් වලට අමාරුයි.
ඒවගේම හුළං එනව නම් ඒක අපිව නැවුම් කරන්න උදව් වෙනව.
ඒවගේම මහන්සි වෙලාවට ඇස් වලට පොඩි රෙස්ට් එකක් දෙන්න පුළුවන් ටිකක් ඈත බලන් ඉදලා.
( ඇසේ පේශි ලිහිල් වෙන නිසා )
එතකොට මේසෙ උඩ පොත් පුරවලා තියෙන වද ?
නෑ. මේසය උඩ පොත් පුරවන්න එපා.පුළුවන් නම් පොත් ටික වෙනම අහුරන්න. ඒකට හේතුව එකක් මේසය ඉක්මනින් හැඩි වෙනවා අනික අපි එකපොතක් පාඩ්ම් කරන්න ගත්තම අනික් පොත් දකිනවා... දැන් හිතෙනව අනේ ඒකත් බලන්න ඕනෙ... දැන් ඒක බලනවා.ඊළඟට හිතෙනව මම කොහොමද මෙච්චර පොත් ගොඩක් බලන්නෙ කියල ... එතකොට මොළෙන් අපිට දෙන්නෙ සෘණාත්මක සිතුවිල්ලක්.
හොදම දේ පොත් වෙනම අස්කරන එක.
දැන් පාඩම් කරන පොත් , පෑන් , කටුවැඩ කොළ විතරක් අතේ දුරින් තියාගන්න.
ඇයි අතේ දුරින් තියාගන්නේ?
නැත්තම් ඉතින් නැගිට නැගිට යන්න වෙනව පෑනක් ගන්න ,කටු වැඩ කොළ ගන්න වගේ දේවල් වලට.එතකොට කාලය නාස්ති වෙනවා.
ඒවගේම නැවුම් මල් වාස් එකක් වගෙත් තියාගන්න
වතුර බෝතලයක් තියාගන්නත් ඕනෙ
ඇයි වතුර බෝතලයක් ?
ඇස් නිතරම වෙහෙසෙනවා එවගේම ඇගත් එතකොට සැරින් සැරේ වතුර බීවම අපිට මහන්සි ගතිය අඩු වෙනවා.
(02)දල කාලසටහනක් හදාගන්න
මේ කියන්නෙ කොටු ගහල, ඉරි ඇදල හරියටම වෙලාව දාලා හදාගන්න සාමාන්‍යය කාල සටහන් නෙවේ.
උදේම හරි කලින් දවසෙ හරි ලියන්න.
පොතක හරි කොලේක හරි දිනේ දාලා ඔයාල ඒ දවසට පාඩම් කරල හෝ වැඩ කරන්න තියෙනව නම් ඒවත් ලියාගන්න.
සාමාන්‍යයෙන් දවසට විෂයන් තුනක් වගේ එන්න හදාගන්න
පිළිවෙක් තියාගන්න. සාමාන්‍යයෙන් ඔයා ලියාගත්ත විෂයන් වලින් ආසම විෂය ඉස්සෙල්ලම කරන්න වගේ පිළිවෙළට ලියාගන්න
මොකද එක දවසක එකම විෂයක් පාඩම් කරන එක අමාරුයි.එතකොට එපා වෙනව.ඒක නැතිකරගන්නෙ එහෙමයි.
පාඩම් කරල ඉවර උනාම ✔ ලකුණක් දාගන්න.
එතකොට දවස අවසානයේ ඔයාලා කරපු වැඩ කොටස කොලේක තියෙනවා
(03)පාඩම් කරන ක්‍රමය
දැන් හිතන්න විද්‍යාව පළවෙනි පාඩමේ කොටසක් අද පාඩම් කරන්න හිතාගන අර කාලසටහන් පොතෙත් ලියාගත්තා කියල .
ඒ කොටසේ තියෙන මාතෘකා මොනවද කියල බලනව.මාතෘකා පාඩම් කරන්න යන්න එපා. ✋ ඔයා අදහසක් ගන්නවා මේ කොටසේ තියෙන්නෙ මොනවද කියල .
පුළුවන් නම් කටුවැඩ කොළයක් අරගන ඒකෙ මාතෘකා ටික ලියාගන්න.
ඊළඟට ඒකෙන් අහල තියෙන ප්‍රශ්න මොනවද කියල බලන්න.මේකට අභ්‍යාස , ප්‍රශ්න පත්‍ර ,ක්ලාස් එකේ ටියුට් යොදාගන්න.
දැන් ඔයා දන්නවා මේ කොටසෙන් කොයි විදියට ද ප්‍රශ්න එන්නේ කියල ...
දැන් පාඩම කියවන්න.හයියෙන් කීවත් කමක් නෑ. හිතෙන් කියෙව්වත් කමක් නෑ..
දැන් කියවගන යද්දී අහුවෙනව අර ප්‍රශ්න වලට අහපු වැදගත් දේවල් ඒවා මාතෘකාවත් එක්ක කෙටියෙන් ලියාගන්න
ලියද්දී පාට පෑන් වගේ දේවල් පාවිච්චි කරන්න.
මොකද ඒකෙදී ඇහැට වෙනසක් වෙනවා.
අපේ ඇහැ ගොඩක් ආස ලස්සන දේවල් බලන්න නේ .ඉතින් මේකත් පිළිවෙළට ලස්සනට ලියාගන්න.
හරි දැන් කියවල ඉවරයි. බලන්න දැන් ඔයා අර වැදගත් දේවල් ලියපු කොලේ
හා හා short note එක අතේ නේද...
වෙනම කෙටි සටහන් හදනව කියල එකක් නෑ.ඔයා වැදගත් දේවල් ,ප්‍රශ්න වලට අහල තියෙන වැදගත්ම කොටස් දාලා හදපු කෙටිසටහන හදලා නේද....
දැන් නින්ද යන්නෙත් නෑනෙ...නිදි මත එන්නේ ඔහේ බලන් හිටියමනෙ.ඔයා ප්‍රශ්න බලනවා , ලියනවා... මේකෙදි ඔයා ගොඩාක් ඇක්ටිව් මේ විදියට පාඩම් කරද්දි ...
දැන් ආපහු කෙටිසටහන බලන්න.
ඊටපස්සේ කෙටිසටහනේ ලියපු දේවල් කටුකොලේක මතකෙන් ලියන්න උත්සහ කරන්න
100% ක් හරියට ලියාගන්න බැරිවුණත් කමක් නෑ.
දැන් හිතන්න සමහර තැන් මතක නෑ කියල. එතන රතු පෑනකින් මාක් එකක් දාගන්න.
දැන් ඒ ටික විතරක් ආපහු බලන්න.
ආපහු එක පාරක් උත්සහ කරන්න.
(04)ආපහු ආපහු බලන්න
පාඩම් කරපු දවසට පස්සේ තව දවස් තුනකින් විතර ආපහු අර ශෝට් නෝට් එක බලන්න.
දැන් පොත් ඒම ළග තියාගන අර මුලින්ම බලපු ප්‍රශ්න වලට උත්තර ලියන්න.
දැන් තවත් ඒ පාඩම් කොටස ඔයාට තහවුරු වෙනවා.....
මේ විදියට අවම වශයෙන් තුන් පාරක් (පාඩම් කරපු දවසේ ඉදන් ) පුනරීක්ෂණය කරන්න පුළුවන් නම් ඔයාගෙ මතකය තහවුරු වෙනවා...
ඉතින් මේ ක්‍රමය අනුගමනය කරොත් නිමාලිට වගේම ඔයාටත් නිදහසේ ආසාවෙන් පාඩම් කරන්න පුළුවන්...
ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා අනිවාරෙන්ම කමෙන්ට් එකක් දාන්න.මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්.
ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්.පාසැල් ,විශ්වවිද්‍යාල සිසුන් ට පවා මෙය වැදගත්.
දැන් පාඩම් කරන්න දන්න නිසා විද්‍යාව විෂයට අදාල ලිපි පෙළ මීළඟට .....
මම ශ්‍රීමාලී සෙනෙවිරත්න
Former Science, Maths,ICT tutor
Bsc(Hons) UG
Diploma in Education(Reading)






Comments
Post a Comment