Posts

නිවැරදිව පාඩම් කරමු ....

Image
නිමාලි : මට නම් පාඩම් කරල ඇති වෙලා සහන් : ඇයි ඒ නිමාලි : මම කොච්චර පොත දිග ඇරන් බලන් පාඩම් කරනවද... ඒත් මතක හිටින්නේ නෑනේ සහන් : පාඩම් කරන එක ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් නිමාලි : ඒ කොහොමද  සහන් : ඒකට නියම ක්‍රමයක් තියෙනවා නිමාලි : හරි මට ඒක කියල දෙන්න සහන් :  අපි බලමු හරියටම පාඩම් කරන්නෙ කෝමද කියලා... මොකද්ද මේ සහන් කියල දෙන්න යන ක්‍රමය... ඇයි නිමාලිට පාඩම් කරල එපා වුණේ ?  මේ ගැන තමයි අද කියන්න යන්නෙ. විද්‍යාව පාඩම් වලට යන්න කලින් මේ ගැන කියන්නෙ ඔයාලට එතකොට ඕනම විෂයක් හොදට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් නිසා... හොදයි... නිමාලි මොකද කළේ....පොත දිහා බලන් ඉදල... මොකද වෙන්නෙ ටිකකින්...😄 එහෙම්ම පොත උඩ නින්ද යනවා එහෙම නේද... ඔව් මේක ඔබත් මාත් අත් දැකල තියෙන දෙයක් ...  මේක නැති කරගන්නෙ කොහොමද  (01)පාඩම් කරන තැන පිළිවෙළට හදාගමු මේක ගැන ගොඩක් අයට අවබෝධයක් නෑ ඒවගේම ගණන් ගන්නෙ නෑ.පාඩම් කරන තැන කියන්නෙ මෙහෙමයි. ඒකට ලොකූ ඉඩක් අවශ්‍ය නෑ. හොද එළියක් තියෙන , වාතාශ්‍රයක් තියෙන තැනක ඔයාගෙ මේසය පුටුව තියන්න. ජනේලයක් ලග නම් වඩාත් හොදයි. ඇයි ? පාඩම් කරද්දි වෙහෙසෙන්නෙ අපෙ ඇස්...

මෙම ලිපි පෙළින් ඔබට

Image
මම  2017 දී 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා  ගණිතය හා විද්‍යාව පන්ති ආරම්භ කළ අතර මා විසින් සෑදූ ප්‍රශ්න , කෙටි සටහන් බොහොමයක් මා සතුව ඇත.දැන් මා පන්ති නොපැවැත්වුවද බොහොමයක් සිසුන් එම ප්‍රශ්න පත්‍ර ආදිය මාගෙන් ඉල්ලා සිටි නිසා මෙම ලිපි වලින් ඔබට එම අගනා අත්වැල සැපයීමට තීරණය කළෙමි.විශේෂයෙන් මේ කාලයේදී නිවසේ සිට අධ්‍යාපනය කරන ඔබට මෙය මහඟු අත්වැළක් වේවි විශේෂයෙන් විද්‍යාව විෂය සඳහා මෙය ඉදිරිපත් කිරීමට හේතුව බොහෝ දෙනා අමාරු යැයි සැළකෙන විෂයක් නිසාවෙනි.නමුත් විද්‍යාව අමාරු නැත.එය පහසුවෙන් හා ආසාවෙන් ඉගෙනගත හැකි විෂයකි.එයට ආසාව හා කැමැත්ත ඉබේම ඇති නොවන බවද ඇත්තකි.                                                            ප්‍රධාන වශයෙන් මෙයට හේතුව දරුවන් පාඩම් කිරීමේ නිවැරදි ක්‍රම වේදය ගැන නිසි අවබෝධයක් නැති නිසාවෙනි. සෑම විෂයක් ම එකම විදියට පාඩම් කිරීම කළ හැකිද ? පාඩම් කිරීම නීරස දෙයක් ද? ඒ පිළිබඳව මම මීළඟ ළි...