මෙම ලිපි පෙළින් ඔබට

මම  2017 දී 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 
ගණිතය හා විද්‍යාව පන්ති ආරම්භ කළ අතර මා විසින් සෑදූ ප්‍රශ්න , කෙටි සටහන් බොහොමයක් මා සතුව ඇත.දැන් මා පන්ති නොපැවැත්වුවද බොහොමයක් සිසුන් එම ප්‍රශ්න පත්‍ර ආදිය මාගෙන් ඉල්ලා සිටි නිසා මෙම ලිපි වලින් ඔබට එම අගනා අත්වැල සැපයීමට තීරණය කළෙමි.විශේෂයෙන් මේ කාලයේදී නිවසේ සිට අධ්‍යාපනය කරන ඔබට මෙය මහඟු අත්වැළක් වේවි

විශේෂයෙන් විද්‍යාව විෂය සඳහා මෙය ඉදිරිපත් කිරීමට හේතුව බොහෝ දෙනා අමාරු යැයි සැළකෙන විෂයක් නිසාවෙනි.නමුත් විද්‍යාව අමාරු නැත.එය පහසුවෙන් හා ආසාවෙන් ඉගෙනගත හැකි විෂයකි.එයට ආසාව හා කැමැත්ත ඉබේම ඇති නොවන බවද ඇත්තකි.
     
                                        

 

ප්‍රධාන වශයෙන් මෙයට හේතුව දරුවන් පාඩම් කිරීමේ නිවැරදි ක්‍රම වේදය ගැන නිසි අවබෝධයක් නැති නිසාවෙනි.

සෑම විෂයක් ම එකම විදියට පාඩම් කිරීම කළ හැකිද ? පාඩම් කිරීම නීරස දෙයක් ද?
ඒ පිළිබඳව මම මීළඟ ළිපියෙන් ඔබව දැනුවත් කරන්නම්....

විශේෂයෙන්ම ඔබගේ විෂයන් සම්බන්ධ ගැටළු හෝ පාඩම් කිරීමේදී හෝ ඔබට ඇතිවන ගැටළුව ,හෝ තේරුම් ගැනීමට අපහසු තැන්  අපට  යොමු කරන්න.(Comment).එම ගැටළු වලට පිළිතුරු හා විසඳුම් ද ඔබට මෙම ළිපි පෙළින් ලැබෙනු ඇත.

 මම ශ්‍රීමාලි සෙනෙවිරත්න                             BSc(hons)UG

Comments

Popular posts from this blog

නිවැරදිව පාඩම් කරමු ....